ජාතිභේදවාදය හා අන්තවාදය අවුස්සන නායකයන් නිසා බොහෝ රටවල් අවුල් විය හැකි බවත් නෙල්සන් මැන්ඩෙලා වැනි දූරදර්ශී නායකයන් ජාතිභේදය හා වර්ණභේදවාදය ප්‍රතික්ෂේප කළ නිසා දකුණු අප්‍රිකාව ගොඩනැංවීමට හැකි වූ බවත් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය. ආරක්ෂක සේවා විද්‍යාලයේ ත්‍යාග ප්රදානෝත්සවය සදහා එක්වෙමින් අද (26) පෙරවරුවේ එම පාසලේදී අමාත්‍යවරයා මේබව කීය.
නව රජය විසින් අනුගමනය කරන සැලසුම් සහගත ප්‍රතිපත්ති හේතුවෙන් ඉදිරි වසර තුළ අධ්‍යාපන ක්ෂේත්රයේ කැපී පෙනෙන වර්ධනයක් දැකගැනීමට හැකි වන බව පැවසූ අමාත්‍යවරයා අපේ දරුවන්ට අනාගතයට සාර්ථකව යාමට ඇති පාස්පෝට් එක අධ්‍යාපනය බවත් එහි නිවැරදිව වීසා එක සලකුණු කර දී දරුවන්ට ලොවක් දිනන්නට මග පෙන්වීම තම අමාත්‍යාංශයේ වගකීම බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය