19 වැනි ව්‍යස්ථා සංශෝධනය පිළිබඳව මෙන්ම තවත් වැදගත් තීන්දු රැසක් සම්බන්ධයෙන් නිල තීරණ ගැනීම සඳහා ජාතික විධායක සභාව මේ වනවිට ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වී තිබේ.
ජාතික විධායක සභාව මෙලෙස රැස්වන්නේ සති දෙකකට පසුවය. පසුගිය දිනවල ජ.වි.පෙ. සඳහන් කළේ, ඊළඟ විධායක සභා රැස්වීමේදි එහි සිටිනවාද නැද්ද යන්න පිළිබඳව තීරණය කරන බවයි.
ඒ අනුව මෙවර රැස්වීම් වරාය ජ.වි.පෙ. ට වැදගත් අවස්ථාවක් වනු ඇත.