ඉදිරි දිනවල පාර්ලිමේන්තුවේදී සම්මත වීමට නියමිත ජාතික විගණන කොමිෂන් සභා පනතට, ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට පෙර ඒ පිළිබඳව විගණනය කිරීමට සහ අමාත්‍ය මණ්ඩල අනුමැතිය යටතේ ලබාදෙන ව්‍යාපෘති විගණනය කිරීමට අදාළ නීති ඇතුළත් කරන ලෙස විගණකාධිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීහු ඉල්ලා සිටිති.
වර්තමානයේදී සිදුවන්නේ යම් කටයුත්තක් සිදුකළ පසුව ඒ පිළිබඳව විගණනයක් සිදුකර සිදුවූ පාඩුව හා දූෂණය, නාස්තිය පෙන්වාදීම පමණක් බවත්, මේ නිසා අවභාවිතයට ලක්වන කිසිදු රාජ්‍ය මුදලක් නැවත ලබාගැනීමට නොහැකි වී තිබෙන බවත් එම නිලධාරීහු පෙන්වා දෙති.
එහෙත් ව්‍යාපෘතිය සිදුකිරීමට පෙර අදාළ ටෙන්ඩර් පාටිපාටිය පිළිබඳව සහ භාණ්ඩ මිලදී ගැනීම පිළිබඳව විගණයක් සිදුකිරීමට හැකියාවක් ලැබුණහොත් අවභාවියට ලක්වන රාජ්‍ය මුදල් විශාල ප්‍රමාණයක් ඉතිරි කර ගැනීමට හැකිවන බවද විගණන නිලධාරීහු සඳහන් කරති.
මේ නිසා ඊට අදාළ නීති ඇතුළත් කරන ලෙසත්, ඊට අමතරව කැබිනට් පත්‍රිකා මගින් අනුමැතිය ලබාදෙන ව්‍යාපෘති විගණනය කිරීමට නීත්‍යානුකූල අවසරයක් නොමැති නිසා එම ව්‍යාපෘති විගණය කිරීමට අවශ්‍ය නීතිරීති එයට ඇතුළත් කරන ලෙසත් එම පිරිස් ඉල්ලා සිටිති.
දැනට කැබිනට් පත්‍රිකා මගින් අනුමත ව්‍යාපෘති විගණය කිරීමට නිසියාකාර නීති නොමැතිවීම නිසා විගණකාධිපති දෙපාර්තමේන්තුව සහ කැබිනට් මණ්ඩලය අතර අනවශ්‍ය ගැටුමක් නිර්මාණය වී තිබෙන බවද විගණකාධිපති නිලධාරීහු සඳහන් කරති.