ඉදිරි පාර්ලිමේන්තුව සදහා දේශපාලන පක්ෂ විසින් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර සදහා පත් කිරීමේ දී මුල්‍ය චෝදනා එල්ල වී ඇති, මැතිවරණ නීති කඩන, අල්ලස් හා දුෂණ චෝදනා එල්ල වී ඇති, පරිසරය විනාශ කරන, අයථා ක්‍රම මගින් මුදල් උපයාගත්, පුද්ගලයින් තෝරා පත්වීම වැළැක්වීමට ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකේ නායකයින් කටයුතු කළ යුතු බව කැෆේ සංවිධානය පවසයි.
පිරිසිදු අපේකෂයින්ට පමණක් නාම යෝජනා ලබා දෙන ලෙස රටේ ජනතාව කළ ඉල්ලීමට දේශපාලන පක්ෂ පිටුපා තිබෙන බවත්, එබ පිරිස් පරාජය කිරීමේ වගකීම රටේ ඡන්දදායකයින්ට තිබන බවත් කැෆේ සංවිධානය කියයි.