ජාතික රණවිරු දින සැමරුම් උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රධානත්වයෙන් ලබන 18 වැනි දා බත්තරමුල්ල රණවිරු ස්මාර්කය අභියසදී පැවැත්වෙන බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා පැවසීය.
මෙම අවස්ථාවට අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා, ත්‍රිවිධ හමුදාපතිවරුන්, පොලිස්පති, අමාත්‍යවරුන් ඇතුළු පිරිසක් සහභාගිවීමට නියමිතය.
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ පැවැති මාධ්‍ය හමුවේදී ඒ මහතා මේ බව සඳහන් කළේය.
එසේම නිදහස් චතුරස්‍රය අභියසදී දී සංස්කෘතික උත්සවය පැවැත්වෙන බවත් විශාල වශයෙන් මෙම උත්සව වෙනුවෙන් මුදල් වැය නොකරන අතර එම මුදල් රණවිරු සුබසාධනය සඳහා යොදවනු ලබන බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
කිසිදු එල්ටීටීඊ සැමරුම් උත්සවයක් පැවැත්වීමට ඉඩක් නැති බවත් රටේ ආරක්ෂාව සම්බන්ධයෙක් කිසිදු බියක් ඇති කර ගත යුතු නැති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
පසුගිය 05 වැනි දා ජනාධිපතිතුමාට රණවිරු කොඩිය පැළඳවීමෙන් ජාතික රණවිරු සැමරුම් වැඩසටහන් ආරම්භ කළ බවත් පළාත් කිහිපයක ම රණවිරු සැමරුම් උත්සවය පැවැත්වෙන බවත් රණවිරු සේවා අධිකාරියේ සභාපතිනී අනෝමා ෆොන්සේකා මහත්මිය සඳහන් කළාය.