ජාතික පාසල් 350න් පාසල් 150කට ආසන්න ප්රමාණයක විදුහල්පති තනතුරු පුරප්පාඩු වී තිබෙන බව ගුරුවිදුහල්පති වෘත්තීය සමිතිය සඳහන් කරයි.
මෙසේ වී ඇත්තේ ජාතික පාසල්වල සේවය කරන විදුහල්පතිවරුන් විශ්රාම යෑමට සාපේක්ෂව බඳවාගැනීම් සිදු නොකිරීම මේ තත්ත්වය ඇතිවීමට සෘජුව බලපා ඇති බවද එම සංගමයේ කැඳවුම්කරු ජෝසප් ස්ටාලින් මහතා සඳහන් කළේය .
2013 වසරේ සිට මෙතෙක් ජාතික පාසල්වලට විදුහල්පතිවරු බඳවාගෙන නොමැති බවත්, බඳවාගැනීම සිදුකිරීමට වැඩපිළිවෙළවල් සකස් කළද එය නිසි ලෙස ක්රියාත්මක නොවූ බවත්ජෝසප් ස්ටාලින් මහතා සඳහන් කළේය.
පුරප්පාඩු සම්පූර්ණ කිරීමට සිදුකරන බඳවාගැනීම දේශපාලනඥයන් විසින් කඩාකප්පල් කර දැමීමට කටයුතු කරන බව වාර්තා වන බවද පවසා සිටියේය.
මෙවැනි කටයුතු සිදුකරනු ලබන්නේ වැඩ බලන විදුහල්පති තනතුරට දේශපාලන හිතවත්කම් දක්වන ගුරුවරුන් පත්කර ගැනීමට බවද සඳහන් කළේය.
සිදුකරන මෙම ක්රියාව නිසා විදුහල්පති පුරප්පාඩු සහිත පාසල්වල වැඩකටයුතු නිසිලෙස සිදුනොවන බවත්, ඒ හරහා පාසල් පරිපාලනය කඩාවැටීමකට ලක්වන බවද කියා සිටියේය.