මහජනතාවට නොමිලේ නීති ආධාර හා නීති උපදෙස් ලබාදීමටත්,නීතිය පිළිබඳ දැනුම ප්‍රවර්ධනය කිරීමටත් ජාතික නීති සතිය මේ මස 21 වැනිදා සිට 27 වැනිදා දක්වා දිවයිනපුරා පැවැත්වීමට තීරණය කර ඇතැයි ශ්‍රීලංකා නීතිඥ සංගමය සඳහන් කළේය.
නීතිගරුක සමාජයක් උදෙසා නීතිඥ ප්‍රජාව යන තේමාව යටතේ දිවයින පුරා තෝරාගත් මධ්‍යස්ථාන 10කදී නීතිසතියේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට නියමිතය.
ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහනගර සභා පරිශ්‍රය කේන්ද්‍රකොටගනිමින් දිවයිනපුරා තෝරාගත් මධ්‍යස්ථාන 10කදී එකවර නීති අධාර සායන 26 හා 27 දිනවලදී උදෑසන 9.00 සිට පැවැත්වීමට කටයුතු යොදා තිබීමද මෙවර විශේෂතාවක් ලෙස දැක්විය හැකිය.
ඒ අනුව කොළඹ, කුරුණෑගල, ගම්පහ, මාතලේ, යාපනය, ගාල්ල, මාතර, අනුරාධපුර, මඩකලපුව සහ වවුනියාව ප්‍රදේශතුළ නීතිආධාර වැඩසටහන් පැවැත්වීමට නියමිතය.
ශ්‍රීලංකා නීතිඥ සංගමය, නීති ආධාර කොමිෂන් සභාව, අධිකරණ අමාත්‍යාංශය, ශ්රීජයවර්ධනපුර කෝට්ටේ මහනගර සභාව එක්ව ජාතික නීති සතිය ක්‍රියාත්මක කරන අතර සාමාන්‍ය මහජනතාව, රජයේ සේවකයන්, ශ්‍රමිකයන්, පාසල් සිසුන්, විශ්වවිද්‍යාල සිසුන් සහ නීති සිසුන් ඇතුළත් සමාජයේ සියළු දෙනාටම මේසඳහා සහභාගි විය හැකි බවද සංවිධායකයෝ දන්වාසිටිති.
ජාතික නීති සතිය පිළිබඳ තොරතුරු 0113133872 විශේෂ දුරකථන අංකයෙන් ලබාගත හැකිය.