67 වැනි නිදහස් උළෙලට ප්‍රධාන ආරාධිතයෙකු ලෙස හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ඊයේ සහභාගී වීම විශේෂ සිදුවීමක් වූ අතර එහිදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහභාගී නොවීමද කුතුහලය දනවන සිදුවීමක් විය.
නව රජය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ආරාධනය නොකළේද යන්න පිළිබඳවද කතා බහක් මතු වූයේය.
එහෙත්, මේ පිළිබඳව 'අද' කළ සොයා බැලීමක දී දැනගැනීමට ලැබුණේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට නිදහස් දිනයට සහභාගීවන ලෙසට නව රජය ආරාධනය කර ඇති බවත් එහෙත් එදින වෙනත් කටයුත්තක හිටපු ජනාධිපතිවරයා නියැලී සිටි නිසා ඊට සහභාගී නොවූ බවයි.
ශ්‍යාමෝපාලී මහා නිකායේ ශ්‍රී රෝහණ සංඝ සභාවේ මහානායක ගොම්බද්දල නන්දාරාම නාහිමියන්ගේ ආදාහන පූජොත්සවයට සහභාගී වීමට නියමිතව තිබීමත් වසර ගණනාවකට පසු නිදහස් දිනය දා තම ගමේ වැසියන් සමග ගත කිරීමට හිටපු ජනාධිපතිවරයා තීරණය කිරීමත් නිසා ඔහු ජයවර්ධනපුර පාර්ලිමේන්තු සංකීර්ණයේ දී පැවැති නිදහස් උළෙලට සහභාගී නොවී තිබේ.
කෙසේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත දුරකථනයෙන් අමතා ඔහු නිදහස් දින උළෙලට සහභාගී නොවන බව දැනුම් දී ඇති බවද දැනගන්නට තිබේ.