ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරියේ නව සභාපති ලෙස නුවන් ප්‍රසන්ත මදවන් ආරච්චි මහතා ඊයේ (06දා) බත්තරමුල්ලේ පිහිටි ප්‍රධාන කාර්යාලයේදී වැඩ බාර ගත්තේය.
ධීවර හා ජලජ සම්පත් සංවර්ධන සහ ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මැතිතුමා විසින් මෙම පත් කිරීම සිදුකොට තිබෙන අතර නුවන් ප්‍රසන්ත මහතා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, යෞවන කටයුතු අමාත්‍යාංශය, වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය හා ආපදා කළමනාකරණ අමාත්‍යාංශය යන අමාත්‍යංශයන්හි වසර 15ක් පමණ සේවය කර තිබේ.
එම අවස්ථාවට ධීවර හා ජලජ සම්පත් සංවර්ධන සහ ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.