ජාතික කොඩියෙන් සිංහයා ඉවත් කොට සියලු ජනතාව අතර සහෝදරත්ව විදහා දැක්වෙන සංඛේතයක් ජාතික කොඩියට යොදාගත යුතු බව නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට මහජන අදහස් විමසීමේ කමිටුව වෙත යෝජනාවක් ඉදිරිපත් කළ බවට මන්නාරම දිස්ති‍්‍රක් කාන්තා සංවිධාන නියෝජිතවරියෝ කියති.
සකස් කිරීමට නියමිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනුවෙන් මහජන අදහස් විමසීමේ කමිටුව දෙවැනි දිනට ඊයේ (11දා) මන්නාරම දිස්ති‍්‍රක් ලේකම් කාර්යාලයේදි රැස්වූ අවස්ථාවේ මෙම යෝජනාව ඉදිරිපත් කර තිබේ.ෙ
මන්නාරම දිස්ති‍්‍රක් කාන්තා සංවිධාන නියෝජිතවරියන් පැවසුවේ ජාතික කොඩියේ සිංහයා සළකුණින් සිංහල ජනතාව ගැන පමණක් සඳහන් අතර, වර්තමානයේදි සියලුදෙනා එක්ව ජිවත්වන බැවින් සියලු ජාතීන් සංඛේතාත්මකවන සංඛේතයක් ජාතික කොඩිය වෙනුවෙන් යොදාගත යුතු බවයි.