රටේ ජාතික ආරක්ෂාව ශක්තිමත් කර, සහජීවනය ගොඩනඟා, රට සංවර්ධන මාවත ඔස්සේ ඉදිරියට ගෙන යෑම සඳහා කැපවන ලෙස ත්‍රිවිධ හමුදාව ඇතුළු සියලුම රාජ්‍ය සේවකයන්ගෙන් තමා ඉල්ලා සිටින බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා පැවසීය.
අලුත් අවුරුදු උදාවෙන් පසු චාරිත්‍රානුකූලව ආරක්ෂක රාජ්‍ය අමාත්‍යාංශයේ රාජකාරි ආරම්භ කරමින් අද (19දා) අමාත්‍යවරයා මේ බව පැවසීය. මෙහිදී හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේ සිංහල දමිළ අලුත් අවුරුද්ද සංහිඳියාව ගොඩනැගීමේ කාර්යය සඳහා සුවිශේෂී වන උත්සවයක් බවයි.
රටපුරා මෙන්ම ලොවපුරා වෙසෙන ශ්‍රී ලාංකිකයන් සිංහල දමිළ අලුත් අවුරුද්ද නැකත් චාරිත්‍රානුකූලව මෙවරද ඉතා උත්කර්ෂවත් අයුරින් සැමරූ බවට සඳහන් කළ ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා, එකිනෙකා අතර ගොඩනැගුණු ශක්තිමත් සබඳතා ඇතුළු මනුෂ්‍යත්වය ආරක්ෂා කරමින් රටක් ලෙස සියලුදෙනා සමගිව දියුණුව කරා පියනැගිය යුතු බවටද අවධාරණය කළේය.