ජාතික ආරක්ෂාව ශක්තිමත් කරමින් රට සංවර්ධනය කිරිම රජයේ අරමුණ බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා පැවසීය.
දශක තුනක් පුරා පැවති ත්රස්ත්රවාදය හේතුවෙන් රටේ ඉදිරි ගමන අඩපන වු බවත් දේශපාලඥයන් කිහිපදෙනකු සුළු සිදුවීම් බරපතළ ගැටළු ලෙස පෙන්වා දෙමින් රට තුළ ගොඩනැගෙන සහජීවනය වීනාශ කිරීමේ වැඩපිළිවෙළක මේ වන විට නිරතව ඇතැයි පැවසු අමාත්‍යවරයා එම උත්සාහයන්ගේ අරමුණ රට අස්ථාවර කිරීම බව සඳහන් කළේය.
වත්මන් රජය ජාතික ආරක්ෂාව තහවුරු කිරීමට සැම අංශයකින්ම පියවරගෙන ඇතැයි පැවසු අමාත්‍යවරයා වැඩිදුරටත් මෙසේ සඳහන් කළේය.
හම්බන්තොට රුහුණු මාගම්පුර සම්මන්ත්රණ ශාලාවේ, විරුසර වරප්‍රසාද කාඩිපත රණවිරුවන් වෙත ප්‍රධානය කිරීමේ දෙවන අදියරේ, 06 වන අවස්ථාවේ පැවති උත්සවයේදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.