මැතිවරණයෙන් පසුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් ජාතික ආණ්ඩුවේ සිටිනවාද නැත්ද යන්න තීරණය කරන බවත් එසේ නොමැතිවුවහොත් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය හා දෙමළ ජාතික සන්ධානය එකතුව ආණ්ඩුවක් පිහිටුවන බවත් විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා පවසා සිටියේය.
දිඹුලාගල නව මිල්ලන ප්‍රදේශයේ ඊයේ (20 දා) පස්වරුවේ පැවති ජන හමුවකදී අමාත්‍යවරයා මේ බව පවසා සිටියේය.
“අවුරුදු ගානක් බලාගෙන හිටපු අපි කියනවා දැන් එක්සත් ජාතික පක්ෂය රජ කරන කාලය ,ආණ්ඩුවක් පත් වුණ ගමන් අවුරුදු දෙකෙන් සංවර්ධනයක් රටේ කරන්න බෑ.හොලවන්න බැරි මහින්ද රාජපක්ෂ පර්වතය අපි කුඩු පට්ටම් කරලා දැම්මා.
දැන් තියෙන්නේ යු.එන්.පී. ආණ්ඩුවක් දැනටමත් බහුතරයක් පාරිමේන්තුව අපේ තියෙන්නේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්ක මේ ගමන ඉදිරි අවුරුදු දෙක හමාර යනවාද නැද්ද තීරණය කරනවා මේ ඡන්දෙන් පස්සේ. වැඩ කරන්න බැරිනම් එළියට දාලා, මුස්ලිම් කොංග්‍රසය යයි දෙමල සන්ධානයයි එකතු කරලා අපි අපේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් හදනවා.”