එක්සත් ජාතික පක්ෂය සහ ශ්රී ලංකා නිදහස් පක්ෂය එක්ව ඉදිරි වසර 02 ක කාලය තුළ ක්රියාත්මක කරන ජාතික ආණ්ඩු වැඩපිළිවෙළට ලංකා කම්කරු කොංග්රසය හා ඊ.පී.ඩී.පී. පක්ෂය කැමැත්ත පළකර තිබේ.
ශ්රී ලංකා නිදහස් පක්ෂ හා එක්ව මෙම පක්ෂ දෙක ජාතික ආණ්ඩු වැඩපිළිවෙළට සහයෝගය දැක්වීමට සැලසුම් කර තිබෙන බවද වාර්තාවේ.
ආරුමුගන් තොන්ඩමන් මහතා ලංකා කම්කරු කොංග්රසයේත්, ඩග්ලස් දේවානන්ද මහතා ඊ.පී.ඩී.පී. සංවිධානයේත් නායකත්වය දරති.