ජාතික ආණ්ඩුවක් බිහිකිරීම සඳහා වත්මන් ආණ්ඩුවට සහාය දීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව අද (20දා) අනුමැතිය දුන් බව එහි ජ්‍යෙෂ්ඨ උපසභාපති ඒ.එච්.එම්. ෆවුසි මහතා පැවසීය. ශ්‍රීලනිප සභාපති ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් මධ්‍යම කාරක සභාව අද රැස්වූ අවස්ථාවේ මෙම තීරණය ගත් බව ඒ මහතා සඳහන් කළේය.
චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත්කළ බවත්, ශ්‍රීලනිපයේ බහුතරයක් මීට කැමැත්ත පළකර ඇති බවත් හෙතෙම වැඩිදුරටත් පැවසීය.