සැලසුම්සහගත වැඩපිළිවෙළක් යටතේ ජාතික ආණ්ඩුව 2020 වර්ෂය දක්වා පවත්වාගෙන යෑමට එක්සත් ජාතික පක්ෂය ලබන සතියේ සිය පක්ෂ සාමාජිකත්වයේ අනුමැතිය ලබාගන්නා බව එක්සත් ජාතික පක්ෂය පැවසීය.
ජාතික ආණ්ඩුව ඉදිරියට පවත්වාගෙන යෑම සඳහා එක්සත් ජාතික පක්ෂය සහ ශ්රීලංකානිදහස්පක්ෂයනිලනොවනමට්ටමින්සාකච්ඡාකර ඇති බවද වාර්තාවේ.
ඒ අනුව ඉලක්කසහගත නව වැඩපිළිවෙළක් සකස්කර ඒ සඳහා පක්ෂ දෙකේම එකඟත්වය මත 'එක නායකයෙක්, එක වැඩපිළිවෙළක්, එක රජයක්' සංකල්පය යටතේ ආණ්ඩුවේ ඉතිරි කාලය ඉදිරියට පවත්වාගෙන යාමට නියමිතය.
එම වැඩපිළිවෙළට පහසුවන ආකාරයෙන් විද්‍යාත්මක ආකාරයට විෂයයන් බෙදාඇති නව කැබිනට් මණ්ඩලය ලබන සතියේදී දිවුරුම්දීමටද සැලසුම්කරමින් පවතී.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය එංගලන්ත සංචාරය නිමවා දිවයිනට පැමිණි පසු මේ සම්බන්ධයෙන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සමගද සාකච්ඡා කර අවසන් තීරණයකට පැමිණීමට නියමිත බව වාර්තාවේ.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය හා පාර්ලිමේන්තු කණ්ඩායම රැස්වී ජාතික රජය පවත්වාගෙන යෑමේ අනුමැතිය ගැනීමට නියමිතය.