එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්ව පිහිටුවා ගත් ජාතික ආණ්ඩුවට තවදුරටත් සහාය ලබාදීමට එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධීකාරී මණ්ඩලය තීරණය කර තිබේ. අද (08දා) උදෑසන සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවැති කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී මෙම තීරණයට එලඹ ඇත.
එසේම එහිදී ඒකීය රාජ්‍යයක් යටතේ සියලුදෙනාගේ සම්මුතියෙන් සිදු කළ හැකි උපරිම ආකාරයෙන් බලය බෙදීමට පියවර ගැනීමට
මනාප ක්‍රමය අහෝසි කර සමානුපාතික හා ඡන්ද කොට්ඨාස ක්‍රමය පදනම් කරගෙන මැතිවරණ පැවැත්වීමට
සම්පූර්ණ ව්‍යවස්ථා කෙටුම්පත සකස් කිරීමෙන් පසු, කෘත්‍යාධිකාරී මණ්ඩලයේ එකඟත්වයට යටත්ව ඊට අනුමැතිය ලබාදීමට යන තීරණ සඳහාත් කෘත්‍යාධිකාරී මණ්ඩලය එකඟ වී තිබේ.