හෙළයේ මහා ගොවි පිළිවෙත ජාතික අලූත් සහල් මංගල්‍ය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (04) උදෑසන ඓතිහාසික ජය ශ්‍රි මහා බෝ සමිදුන් අභියසදී මහත් උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. අලූත් සහල් මංගල්‍යයට සහභාගී වූ ජනාධිපතිතුමා පළමුව ජය ශ්‍රි මහා බෝ සමිදුන් වැද පුදාගෙන ආශිර්වාද ලබා ගත්තේය. අනතුරුව අලූත් සහල් මංගල්‍යයට එක්විය.
සාම්ප්‍රදායිකව වාර්ෂිකව මාස් කන්නයේ නෙළා ගත් අස්වැන්නේ් නොඉදුල් සහලින් ජය ශ්‍රි මහා බෝ සමිදුන් පිදීමේ මෙම උත්කර්ෂවත් මංගල්‍යය අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නායක හිමිපාණන් වහන්සේගේ අනුශාසනා පරිදි සංවිධානය කර තිබුණි. වස විසි නැති දේශීය සහල් බදුන ජනාධිපතිතුමාගේ සුරතින් ගරුතර මහා සංඝරත්නය වෙත පූජා කෙරිණි. එම සහල් නිපැයීමට බිත්තර වී පළාත් නවයේම ගොවීන් වෙත ඛෙදාදෙන ලද්දේද ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙනි.