ජාත්‍යන්තරයේ අවශ්‍යතා මත රජය තීන්දු නොගන්නා බව එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් අමාත්‍ය කබීර් හෂීම් මහතා පැවසීය.
උතුරු නැගෙනහිර පළාත් ඒකාබද්ධ කර ෆෙඩරල් පාලනයක් ඇති කළ යුතු බවට උතුරු පළාත් සභාව ඊයේ(22) යෝජනා සම්මත කරගත්තද යෝජනාව සම්බන්ධයෙන් රජයේ ස්ථාවරය මේ මොහොතේ ප්‍රකාශ කළ නොහැකි බව අමාත්‍යවරයා කීය.
කෙසේවෙතත් මෙවැනි සිද්ධීන් පිළිබඳ රජය දැඩි අවධානයෙන් කටයුතු කරන බවයි අමාත්‍යවරයා සඳහන් කළෙ මහනුවර පැවති මාධ්‍ය හමුවක දීය.