මෙවර ජාත්‍යන්තර සමූපකාර දින උලෙළ එළැඹෙන ජූලි මස යාපනයේදී පැවැත්වීමට නියමිතව තිබේ.
උතුරු - වයඹ තල් සහ පොල් ආශ්රිත නිෂ්පාදන සමූපකාර සමිති සංගමය විසින් අද (11දා) මෙම උලෙළ සඳහා ජනාධිපතිවරයා වෙත ආරාධනා කරන ලදී.
උතුරු - වයඹ තල් සහ පොල් ආශ්රිත නිෂ්පාදන සමූපකාර සමිති සංගමයේ සභාපති නාකන් කනේෂන්, සාමාන්‍යාධිකාරී පී. සෙල්වරාජා ඇතුළු පිරිසක් මෙම හමුවට එක්වූහ.