එක්සත් ජාතීන්ගේ වෙසක් දින උළෙලේ සංවිධාන කටයුතු සොයා බැලීම සඳහා ජාත්‍යන්තර වෙසක් දින කමිටුවේ දූත පිරිසක් ලබන මාසයේ දී මෙරටට පැමිණීමට නියමිත බව අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍යාංශය සඳහන් කරයි.
තායිලන්තයේ එක්සත් ජාතීන්ගේ වෙසක් දින සංවිධායක කමිටුවේ ස්වාමීන් වහන්සේ පිරිසක් මෙලෙස දිවයිනට පැමිණීමට නියමිත අතර එම කණ්ඩායම විසින් මෙරට දී පවත්වනු ලබන රැස්වීමේ දී 2017 ජාතික වෙසක් දිනය සඳහා තේමාවක් නිර්මාණය කරගැනීම, සමාරම්භක උත්සවය, සමාප්ති උත්සවය, සංස්කෘතික උත්සවය, ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන වැඩසටහන පිළිබඳ තීන්දු තීරණ ගැනීමට නියමිතය.