ජාත්‍යන්තර මව්භාෂා දිනය මූලිකකර ගනිමින් හෙට (21දා) සිට රට තුළ වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක කරන බව මව්භාෂා ප්‍රවර්ධනය සංවිධානය සඳහන් කරයි.
ජාත්‍යන්තර මව්භාෂා දිනය හෙට (21දා) යෙදී තිබෙන බවත්, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ යුනෙස්කෝ සංවිධානය විසින් 2000 වසරේ සිට සෑම වසරකම පෙබරවාරි 21 වැනිදා මව්භාෂා දිනය ලෙස පිළිගෙන සැමරුම සිදුකරන බවද එම සංවිධානයේ මාධ්‍ය අංශය සඳහන් කරයි.
මේ අනුව හෙට (21දා) දිනයේදී ප්‍රධාන සැමරුම උත්සවය මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගරේ ධම්මරතන හිමියන්ගේ හා මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියන්ගේ ප්‍රධානත්වයෙන් කොළඹ සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේදී සිදුකරන බවද මාධ්‍ය අංශය සඳහන් කළේය.
මීට අමතරව මව්භාෂාව ආරක්ෂා කරගැනීම සම්බන්ධ පර්යේෂණ සිදුකිරීම හා පුරවැසියන් බලවත් කිරීම ඇතුළු වැඩසටහන් රාශියක් සිදුකරන බවද මාධ්‍ය කමිටු පැවසීය.