ජාත්‍යන්තර වෙළෙඳ ගිවිසුම් හා ජාත්‍යන්තර සබඳතාවලදී ජාත්‍යන්තර ප්‍රමිතියකින් යුත් වෘත්තීමය නීති සේවා සැපයීමේ ආසියාවේ කේන්ද්‍රස්ථානයක් ලෙස ශ්‍රී ලංකාව දියුණු කිරීම සඳහා ජාත්‍යන්තර බේරුම්කරණ මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමට අධිකරණ අමාත්‍යාංශය කටයුතු කොට තිබේ. ඒ හරහා ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර වෙළඳ ක්ෂේත්රයේ වැඩි වටිනාකමක් හිමිවනු ඇතැයි අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි.
ජාත්‍යන්තර වෙළෙඳ ගිවිසුම් අත්සන් කිරීමේදී හා ජාත්‍යන්තර සබඳතා කටයුතු වලදී ලෝකයේ වෙළෙඳ සමාගම්වලට බේරුම්කරණ සඳහා ජාත්‍යන්තර ප්‍රමිතියකින් නීතිඥ සේවා කටයුතු ලබා දීමට අවස්ථාවක් ලබා දෙමින් අධිකරණ අමාත්‍යාංශයේ මූලිකත්වයෙන් ස්ථාපිත කරන මෙම මධ්‍යස්ථානය 30දා ප.ව. 3.00ට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ දෙවන මහලේදී විවෘත වීමට නියමිතය.