ජා-ඇල නගර සභාවේ අය-වැය විනාඩි පහකින් සම්මත කරගෙන තිබේ.
නගර සභාව පෙ.ව. 10.00 ට ආරම්භ කර තිබෙන බවත් තමන් ඇතුළු මන්ත්රීන් පිරිසක් විනාඩි 5ක ප්රමාදයකින් සභාවට පැමිණෙන විටත් එහි වැඩබලන සභාපතිවරයා 2015 අය-වැය සම්මත කරගගෙන තිබෙන බවත් ජා-ඇල නගර සභා විපක්ෂනායක රුවින්ද අබේරත්න මහතා චෝදනා කරයි.
විපක්ෂ මන්ත්රීන් (එ.ජා.ප.) තිදෙනෙකු හා ආණ්ඩු පක්ෂ (එ.ජ.නි.ස.) මන්ත්රීන් දෙදෙනෙකු විනාඩි 05 ක ප්රමාදයකින් සභාවට පැමිණ තිබේ.
කෙසේ නමුදු 2015 ජා-ඇල නගර සභා අයවැය සම්මත වී ඇත්තේ ඒකච්ඡන්දයෙනි.
ශිවන්ති ප්රනාන්දු