පේරාදෙණිය ගැටඹේ ජලසම්පාදන මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ වත්කම් නිලධාරීවරයා මහවැලි ගඟ ඉවුරේ කළුපාලම යට මියගොස් සිටියදී අද (26 දා) උදෑසන සොයාගත් බව පේරාදෙණිය පොලීසිය සඳහන් කරයි.
මෙසේ මියගොස් ඇත්තේ පේරාදෙණිය ගැටඹේ ජලසම්පදාන මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ වත්කම් නිලධාරී ලෙස කටයුතු කළ චමිල් වීරගොඩ (අවු.40) නැමැත්තෙකි.
අද උදෑසන 9.30 පමණ මරණකරු තම මිතුරෙකුට දුරකථන ඇමතුමක්දී ඇති අතර, ඒ අනුව පැමිණි ඔහුගේ මිතුරා විසින් ගංඉවුරේ වැටී සිටී චමිල් වීරගොඩ මහතා පේරාදෙණිය රෝහලට ඇතුළත් කර ඇති බවත් පේරාදෙණිය පොලීසිය වැඩිදුරටත් සඳහන් කරයි.
පේරාදෙණිය සෙනරත් බණ්ඩාර