පොලිස්පති එන්. කේ . ඉලංගකෝන් මහතා ඇතුළු නිලධාරින් කණ්ඩායමක් චිනයේ නිල සංචාරයක් සඳහා පිටත්ව ගිය බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
ඊයේ (08දා) ඔවුහු චීනය බලා පිටත්ව ගොස් තිබෙන අතර එම කණ්ඩායමට, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි විජේගුණවර්ධන, නියෝජ්‍ය පොලිස්පති ගාමිණි මතුරට, ජ්‍යෙෂ්ඨ පොලිස් අධ්කාරි ඩි. ගජසිංහ, සහකාර පොලිස් අධිකාරි යු.ඒ. ජේ. පි. රොමේෂ්, සහකාර පොලිස් අධිකාරි ඩි.එස්. වික්‍රමසිංහ යන අය එක්ව තිබෙන බව මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එස්.එම්. වික්‍රමසිංහ මහතා වැඩ බලන පොලිස්පති ලෙස රාජකාරි කරන බවත් එම නිවේදනයේ දැක්වෙයි.