ශ්‍රී ලංකාවට යූරෝ මිලියන 18ක (රුපියල් කෝටි 288.3) මූල්‍යාධාර ලබාදීමට ජර්මනිය එකඟතාව පළ කර තිබේ. ජර්මනිය හා ශ්‍රී ලංකාව අතර ආර්ථික සහ තාක්ෂණික සහයෝගිතාව වැඩිදියුණු කිරීම වෙනුවෙන් මෙම ආධාර ලබාදෙයි.
විල්පත්තු වනෝද්‍යානයේ සංවර්ධන කටයුතු සඳහා යුරෝ මිලියන 6ක්, උතුරු පළාතේ වෘත්තීය පුහුණුව සදහා යුරෝ මිලියන 4ක් ඇතුළුව සුළු හා මධ්‍යම පරිමාණ කර්මාන්ත සංවර්ධනයට, පළාත්පාලන ආයතනවල නියෝජිතයින් හා විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ දැනුම හා අත්දැකීම් හුවමාරුවට, මෙන්ම විශේෂ ව්‍යාපෘතික් ලෙස ඉතිරි ආධාර ලබාදීමට නියමිතය.