ජවිපෙ 20 වැනි සංශෝධනය පාර්ලිමේන්තු සැසි ආරම්භක සතියේදී
පාර්ලිමේන්තු සැසිවාරය ආරම්භ වන මැයි මස පළමු සතියේදීම 20වැනි සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත්කිරීමට ජනතා විමුක්ති පෙරමුණ තීරණය කර තිබේ.
විධායක ජනාධිපති ධුරය අහෝසිකිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීමේ අරමුණින් 20 වැනි සංශෝධනය ඉදිරිපත්කිරීමට නියමිතය.
ජනතා විමුක්ති පෙරමුණේ පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් වශයෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමේ 20වැනි සංශෝධනය, පාර්ලිමේන්තුව කල්තැබීමත් සමග පසුවට තැබීමට ජනතා විමුක්ති පෙරමුණට සිදු වූ බව පාර්ලිමේන්තු මන්ත්‍රීවිජිත හේරත් මහතා පැවසීය.
20 වැනි සංශෝධනය සම්මත වන දිනයේදීම පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට යෝජනා ඇතුළත් කරන ලෙස ඒකාබද්ධ විපක්ෂය යෝජනා කර තිබුණද ඒ පිළිබඳ මෙම සංශෝධනයට ප්‍රතිපාදන ඇතුළත් කිරීමට හැකියාවක් නොමැති බවද ජනතා විමුක්ති පෙරමුණ සාකච්ඡා කර ඇත.
පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ යෝජනාවක් ඇතුළත්කිරීමට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ(2/3) බහුතරයක් අවශ්‍ය බැවින්,පක්ෂ නායකයන් සමග සාකච්ඡාකර තීරණයක් ගැනීමට ජනතා විමුක්තිපෙරමුණේ නායකත්ව මණ්ඩලය තීරණය කර තිබේ.
ඒ අනුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අගමැති රනිල් වික්‍රමසිංහ, විපක්ෂනායක ආර්. සම්බන්ධන්, හිටපු ජනාධිපතිමහින්ද රාජපක්ෂ ඇතුළු පක්ෂ නායකයන් හමුවී මේ පිළිබඳ අවසාන වශයෙන් සාකච්ඡාකිරීමට නියමිතය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.


