ජනතා විමුක්ති පෙරමුණ මෙවර මැයි දින රැලි දෙකක් පවත්වන බව එම පක්ෂයේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා සඳහන් කළේය.
මේ අනුව මැයි පළමුවන දින යාපනයේදී මැයි දින රැලියක් හා මැයි දින පෙළපාළි පවත්වන බවත්, මීට අමතරව මැයි 07 දා කොළඹදීත් මැයි දින රැලියක් හා පෙළපාළියක් පවත්වන බවත් අද (11 දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී හෙතෙම සඳහන් කළේය.
වෙසක් සතිය නිසා කොළඹදී මැයි දින රැලිය හා පා ගමනක් පැවැත්වීමට ගැටලු තිබෙන බවත්, මේ නිසා මැයි 01 වැනි දින යාපනයේදී එම දිනය සමරන බවත් හෙතෙම කියා සිටියේය.