මෙවර පළාත් පාලන මැතිවරණයේදී ජනතා විමුක්ති පෙරමුණ දිනවීමට ‘ඇරඹුම ‘ නමින් සංවිධානයක් පිහිටුවාගත් බව ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා අද (23දා) පැවසීය.
කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී දූෂණයෙන් තොර ගමක්-දරුවන්ට හෙටක් මැයෙන් සඳහන් පත්‍රිකා බෙදීමේ වැඩසටහනකට එක්වෙමින් හෙතෙම මේ බව පවසා සිටියේය.
‘ඇරඹුම ‘ සංවිධානය මගින් මෙම වැඩසටහන සංවිධානය කර තිබුණි.
2015 ජනවාරි 08 වැනිදා බලයට පත් කළ පාලකයන් යහපාලන අරමුණුවලින් ඉවත්වී සිටින බවත්, මීට පෙර සිටි අධිපතිවාදී පාලන තන්ත්රය වත්මන් ආණ්ඩුවට රිංගා මෙයෙවමින් සිටින බවත් පැවසූ දේවසිරි මහතා පසුගිය කාලය පුරා ජනතා විමුක්ති පෙරමුණ ආදර්ශයක් සපයා තිබෙන බැවින් එම පක්ෂය ජයග්‍රහණය කරවීමේ අවශ්‍යතාව මතුව ඇතැයි පවසා සිටියේය.
මාදුළුවාවේ සෝභිත හිමියන් නිර්මාණය කළ සාධාරණ සමාජයක් සඳහා ජනතා ව්‍යාපාරය සමග එක්ව සිටි විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඇතුළු පිරිසක් ඇරඹුම සංවිධානය සමග එක්වි සිටින බවද ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
ඡායාරූප-ශමීර රාජපක්ෂ