අනුර කුමාර කණ්ඩායම හා ලාල් කාන්ත කණ්ඩායම වශයෙන් ජනතා විමුක්ති පෙරමුණ කොටස් දෙකකට කැඩි ඇතැයි ගායන ශිල්පී මධුමාධව අරවින්ද මහතා පැවසීය.
අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට විරුද්ධව ඉදිරිපත් කළ විශ්වාසංභංග යෝජනාවේ ප්‍රතිඵලයක් වශයෙන් මෙලෙස එම පක්ෂය බෙදී ගොස් තිබෙන බවද අරවින්ද මහතා ප්‍රකාශ කළේය.
අනුර කුමාර දිසානායක මහතාගේ කණ්ඩායම අගමැතිවරයා සහ ආණ්ඩුව ආරක්ෂාකළ යුතුය යන ස්ථාවරයේ පසුවන බවත්, ලාල් කාන්ත මහතාගේ කණ්ඩායම ආණ්ඩුව පළවා හැරිය යුතුය යන ස්ථාවරයේ පසුවන බවත් හෙතෙම පවසා සිටියේය.
අද (23දා) පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවැසීය.