ජාතික විදුලිබල පද්ධතියට මධ්‍යම කඳුකරයෙන් ප්‍රධාන වශයෙන් ජල විදුලිය උත්පාදනය කරන කොත්මලේ, ඉහළ කොත්මලේ, ලක්ෂපාන, නව ලක්ෂපාන, කැනියොන්, විමලසුරේන්ද්‍ර හා පොල්පිටිය යන විදුලිබලාගාරවලට ජලය සපයන ජලාශ රැසකම ජල මට්ටම ශීඝ්‍රයෙන් පහළ වැටී ඇතැයි විදුලිබල මණ්ඩලය පවසයි.
ප්‍රදේශයේ පවතින වියළි කාලගුණික තත්ත්වයත් සමග ජල මට්ටම අඩුවී ඇති අතර, ඒ අනුව මාවුස්සා කැලේ ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටමේ සිට අඩි තිහක්ද කාස්ලරි ජලාශය පිටාර මට්ටමේ සිට අඩි දහසයක්ද වශයෙන් පහළ බැස ඇතැයි විදුලිබල මණ්ඩලය සඳහන් කරයි.
ජල මට්ටම අඩුවීමත් සමගම එම ජලාශවලට යටවූ නටඹුන් මතුවීමට පටන් ගෙන ඇති අතර, තවදුරටත් පවතින වියළි කාලගුණික තත්ත්වය අඛණ්ඩව පැවතියහොත් ජලවිදුලි උත්පාදනයට බාධා සිදුවීමට ඉඩ ඇතැයි එම විදුලිබල මණ්ඩලයේ නිලධාරියෙක් පැවසීය.