වාරිමාර්ග දෙපාර්තමේන්තුවට අයත් ප්රධාන ජලාශ 72ම ජලමට්ටම මේ වනවිට 91% ඉක්මවා ඇති බවද, ඉන් ජලාශ 28 ක් මේ වන විට වාන් දමමින් පවතින බවද වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල කළමනාකරණ අධ්යක්ෂ ජානකී මීගස්තැන්න මහත්මිය %අද^ ට පැවසුවාය.
තවද දැදුරු ඔය, මල්වතු ඔය, කලා ඔය, මී ඔය ජලාශයෙහි පහළ ප්ර‘දේශවලද, මහවැලි ගඟ සහ මැණික් ගඟ පහල ප්ර‘දේශවල ජනතාවටද අවධානයෙන් සිටින ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දන්වා සිටියි.