රත්මලාන ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ හා බස්නාහිර පළාත් ජලාපවහන මණ්ඩලයේ සේවකයෝ 4000කට අධික පිරිසක් අද (10දා) රත්මලානේදී දැවැන්ත උද්ඝෝෂණයක නිරත වූහ.
2012 වර්ෂයේදී තමන්ට ලැබිය යුතු 8% ක වැටුප් වැඩිවීම් හා 2013 වසරේ ලැබිය යුතු ප්රසාද දීමනා මෙතෙක් නොගෙවීම හේතුවෙන් ඔවුහු මෙසේ විරෝධතාවේ නිරත වූහ.