ජල ගැලීම්වලට ලක්වූ ප්‍රදේශවලින් 99% කට ආසන්න ප්‍රමාණයක ජලය බැසගොස් අවසන් බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.
ජල මූලාශ්‍ර පිටාර ගැලීම් නැවතී තිබෙන බවත්, වර්ෂා තත්ත්වයද සාමාන්‍ය තත්ත්වයට පත්වෙමින් තිබෙන බවද එම මධ්‍යස්ථානයේ මාධ්‍ය ප්‍රකාශක ප්‍රදීප් කොඩිප්පිලි මහතා ප්‍රකාශ කළේය.
මේ වනවිට ආරක්ෂිත කඳවුරු ප්‍රමාණයට 185 ක් දක්වා අඩුවී තිබෙන බවත්, එම ස්ථානවල පවුල් 4,736 කට අයත් පුද්ගලයන් 16,872 ක් රැඳී සිටින බවද මාධ්‍ය ප්‍රකාශකවරයා පවසා සිටියේය.