පානීය ජලය ලබාගන්නා මූලාශ්‍ර අපවිත්‍ර කරන පුද්ගලයන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට අවශ්‍ය බලතල ලබාගැනීමට ජලසම්පාදන මණ්ඩල පනත සංශෝධනය කරන බව එහි ක්‍රියාකාරී අධ්යක්ෂ මහිලාල් සිල්වා මහතා පැවසීය. ජල මූලාශ්‍ර අපවිත්‍ර කිරීමේදී ඒවෙනුවෙන් ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලයට නීතිමය පියවර ගැනීමට නොහැකි බැවින් ඊට අවශ්‍ය බලතල ලබාගැනීමට මෙසේ කටයුතුකරන බවයි ඔහු කියා සිටියේ. ප්‍රජා ජල සංවිධාන සඳහා ජල උපාංග පිරිනැමීමේ උත්සවයකට එක්වෙමින් මහනුවරදී හතෙම මේබව පැවසීය.