පානීය ජල ගැටලුවක් මුල් කර ගනිමින් තිස්ස - මාතර ප්‍රධාන මාර්ගය අවහිර කරමින් බඩගිරිය ගම්වැසියන් කළ විරෝධතාවක් මැඩ පැවැත්වීම සඳහා පොලීසිය ගත් උත්සායකින් පසුව නොසන්සුන්කාරී තත්ත්වයක් ඇතිවිය.
සිද්ධියෙන් පොලිස් නිලධාරීන් පස් දෙනෙක් හා සාමාන්‍ය වැසියන් තිදෙනෙකු තුවාල ලබා හම්බන්තොට මූලික රෝහලට ඇතුළත් කොට තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් හය දෙනෙකු හම්බන්තොට පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.