ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය මගින් මන්නාරම නායාට්ටුවේලි හි මෙම වසරේදී ඉදිකිරීමට යෝජිත ජල ජීවි කර්මාන්ත උද්‍යානයේ අක්කර 500ක් ජලජීවි වගාව සඳහා ආයෝජනය කිරීමට ශ්‍රී ලංකා මත්ස්‍ය අපනයනකරුවන්ගේ සංගමය තීරණය කර තිබේ.
අද දින (12දා) පෙරවරුවේ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මැතිතුමා සමග එම සංගමයේ නිලධාරීන් සාකච්ඡා කළ අතර, එහිදී අමාත්‍යවරයා විසින් අක්කර 4000කින් සමන්විත යෝජිත ජලජීවි කර්මාන්ත උද්‍යානයේ මත්ස්‍ය වගාව සඳහා ආයෝජනය කරන ලෙස දේශීය ව්‍යාපාරිකයන්ගෙන් ඉල්ලීමක් කළේය.
ඒ අනුව එම ජලජීවි වගා උද්‍යානයේ අක්කර 500ක් ජලජීවි වගාව සඳහා යොදා ගැනීමට තම සංගමය සූදානම් බව ඔවුහු පැවසූහ. ශ්‍රී ලංකාවේ මත්ස්‍ය නිෂ්පාදනය සියයට 100 දක්වා වැඩිකිරීමට රජය මගින් ගෙන යන වැඩපිළිවෙළ යටතේ මේ වනවිට වැඩ කටයුතු අවසන් කර ඇති මඩකලපුව ජලජීවි වගා උද්‍යානයද මෙම මස 29 දින අමාත්‍යවරයා අතින් විවෘත කිරීමට නියමිතය.