මහනුවර දිස්ත්‍රික්කයේ කුණ්ඩසාලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කුණ්ඩසාලේ ඒකාබද්ධ ජලසම්පාදන ක්‍රමයට අයත් අරන්තන ජල පවිත්‍රාගාරය සම්ප්‍රේෂණ නළ මාර්ගයේ වෑල්වයක් සවිකිරීම සහා අනිද්දා (26දා) පෙ.ව. 9.00 සිට ප.ව. 9.00 දක්වා පැය 12 ක කාලයක් අරත්තන ජල පවිත්‍රාගාරයේ ජල බෙදාහැරීම් කටයුතු අත්හිටුවීමට සිදුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය සඳහන් කරයි.
ජල සැපයුම අත්හිටුවන ප්‍රදේශ
දිගන කලාපය - දිගන නගරය, සෙනරත්වෙල, නිතුලේමඩ, ගෝනවල, ඔරුතොට, රජවැල්ල, ගොල්ෆ්, බඹරගල, මල්පාත, අහස්පොකුණ, කෙන්ගල්ල, කොලොනංගස්වත්ත.
මැණික්හින්න කලාපය - මැණික්හින්න, මලල 621 මාර්ගය, බුළුවෙමුදුන, වාවින්න, කෙන්ගල්ල පාර
බෝධිගල කලාපය - අරංගල, යක්ගහපිටිය, සිරිමල්වත්ත, ගුන්නෑපාල, බෝරුප්ප, පිලවල, බෝධිගල, දම්බරාව, අමුණුගම