ජල සම්පාදන මණ්ඩල සේවකයින්ට 25% වැටුප් ඉහළ දමා පවතින වැටුප් විෂමතා ඉවත් කරන ලෙස ඉල්ලා අද (31දා) සිට අඛණ්ඩ වෘත්තීය ක්රියාමාර්ග දියත් කරන බව ජල සම්පාදන හා ජලාපවාහන සේවක සංගමය සඳහන් කරයි.
මේ අනුව අද (31) සහ හෙට (01දා) උදේ 9.00 සිට සවස 1.00 වන තෙක් සේවයෙන් ඉවත් වී සිටින බවත්, මීට අමතරව සතිඅන්ත රාජකාරිවලින්ද ඉවත්වන බවත් එම සංගමයේ කැඳවුම්කරු ඉංජිනේරු උපාලි රත්නායක මහතා සඳහන් කළේය.