නගර සැලසුම් සහ ජල සම්පාදන අමාත්‍යාංශයයේ නව ලේකම්වරයා ලෙස ජයන්ත විජේරත්න මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත්කර තිබේ.
ශ්‍රී ලංකා පරිපාලන සේවයේ පලපුරුදු නිළධාරියෙකු වන ජයන්ත විජේරත්න මහතා පළාත් අමාත්‍යාංශ ගණනාවක ලේකම්වරයෙකු ලෙස කටයුතු කර තිබේ.
අදාළ පත්වීමේ ලිපිය අද (12) පෙරවරුවේ ජනාධිපතිවරයා විසින් ජයන්ත විජේරත්න මහතා වෙත ලබාදුන් අතර
නව තනතුරට පත්වීමට පෙර හෙතෙම වයඹ පළාත් ප්‍රධාන ලේකම්වරයා ලෙස කටයුතු කළේය