ජලසම්පාදන මණ්ඩලයේ මනු සටහන්කරුවන් ආරම්භකර තිබෙන අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්රියාමාර්ගය නිසා මේ මාසයට අදාළ බිල්පත් ලක්ෂ 09ක් සකස් කිරීමට නොහැකි වී තිබෙන බව වාර්තා වේ.
ලක්ෂ 21කට අධික ජල පාරිභෝගිකයන් ප්රමාණයක් සිටින අතර, ඔවුන්ට නියමිත දිනට ජලබිල්පත් නොලැබුණහොත් ජලය පරිභෝජනය කරන දින ගණන ඉහළ ගොස් විශාල බිල්පතක් ගෙවීමට පාරිභෝගිකයන්ට සිදුවේ.
ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් පසුගිය 17 වන දින සිට මනුසටහන්කරුවන් අකුරට වැඩ කිරීම නිසා මේ මාසයට අදාළ ජල බිල්පත් ලක්ෂ 09කට අධික ප්රමාණයක් නිකුත් කිරීමට නොහැකි වී තිබේ. මේ නිසා ජලසම්පාදන මණ්ඩලයට ලැබිය යුතු ආදායමත් නිසි දිනට නොලැබී යනු ඇත.