ජල ගාස්තුව ඉහළ දැමීම පිළිබඳව තමා පෞද්ගලිකව අකැමැති බවත්, එහෙත් බදු අය කරන්නේ ජනතා සේවය සිදුකිරීමට නිසා අකැමැත්තෙන් වුවත් එයට කැමැත්ත දීමට සිදුවන බවත් නගර සැලසුම් හා ජල කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සඳහන් කළාය.
ඇය මේ බව පවසා සිටියේ අද (09දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදීය. ජනතාවට පානීය ජලය ලබාදීම සඳහා විශාල මුදලක් වැයවන බවත්, මේ නිසා ජනතාවට ජලය ලබාදෙන්නේ මණ්ඩලය පාඩුලබමින් බවත් ඇය පවසා සිටියාය.
ඒ අනුව වැට් බදු සංශෝධනය නිසා ජල ගාස්තුව ඉහළ යන බව රාජ්‍ය අමාත්‍යවරිය සඳහන් කළාය.