ජල ගාස්තු සියයට 15කින් පමණ ඉහළ දැමිය යුතු බවට ගෙනෙන ලද යෝජනාවක් අමාත්‍ය මණ්ඩලය විසින් ප්‍රතික්ෂේප කර ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
අමාත්‍ය රාවුෆ් හකීම් මහතා මීට අදාළ යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබූ බවටද වාර්තාවේ.
එහෙත් මෙම අවස්ථාවේ ජල ගාස්තු වැඩි නොකළ යුතු බවට ඇමැතිවරුන් ගණනාවක් පෙන්වාදීමත් සමග යෝජනාව ප්‍රතික්ෂේප වී ඇති බවට එම ආරංචි මාර්ග සඳහන් කරයි.
අගලකඩ - අජන්ත කුමාර (ඉරිදා ලංකාදීප ඇසුරෙනි)