ලංකා ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනයද දූෂණයෙන් යුක්ත වූවක් බව නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා පවසයි.
අධ්යක්ෂ මණ්ඩලයක් යටතේ මෙතෙක් පාලනය වූ ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනයට වන විට සභාපතිවරයෙකු පත්කර ඇති බවත් ඔහුට රු. 60,000ක මාසික වැටුපක්ද, ලීටර්140ක ඉන්ධන දීමනාවක් ද, නවීන මෝටර් රථයක් හා කාර්යාල සහ කාර්ය මණ්ඩල පහසුකම් ද ලබා දී ඇති බවත්, එය ව්‍යවස්ථාපිත නියමයන් බරපතල ලෙස උල්ලංඝනය කිරිමක් බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කරයි.
මොරටුවේ පිහිටි ලංකා ජර්මාණු කාර්මික අභ්‍යාස ආයතනයේ ජාතික සේවක සංගමයේ සාමාජිකයින් සමග අද (25) පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍යවේදීන් අමතා ඔහු මේ බව ප්‍රකාශ කළේය.
වැඩිදුරටත් කරුණු දැක්වූ අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා සඳහන් කළේ ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනයේ ගොඩනැගිලි කිහිපයක ඉදිකිරිම් කොන්ත්‍රාත්තු විවිධ නම් වලින් පෙනී සිටිමින් ඒවා එකම පුද්ගලයෙකු විසින් ලබා ගෙන ඇති බවයි.