අනුරාධපුර නගරයේ පිහිටි නිවාඩු නිකේතනයක නවාතැන් ගෙන සිටි ජර්මානු ජාතිකයෙකු
හදිසියේ රෝගාතුරවි රෝහලට ඇතුළත් කිරිමෙන් අනතුරුව අද (21දා) දහවල් ජිවිතක්ෂයට පත්ව තිබේ.
පශ්චාත් මරණ පරික්ෂණය අනුරාධපුර ශික්ෂණ රෝහලේදි අද දහවල් පැවත්වූ අතර හදිසියේ ඇතිවු හෘදයාබාධයකින් ඔහු මිය ගොස් ඇති බව අධිකරණ වෛද්‍යවරයා නිගමනය කළේය.
මියගිය පුද්ගලයා මිට දින කිහිපයකට ඉහතදි බිරිද සමග ශ්‍රි ලංකාවේ සංචාරයක් සදහා පැමිණ තිබේ. ඔවුහු මීගමුවේ සිට මගි බස් රථයකින් අනුරාධපුර නගරයට පැමිණ තිබේ. ඔවුන්ට බස් රථයේ අසුන් ගැනිමට අසුනක් නොමැති වීම හේතුවෙන් බස් රථය තුළ සිටගෙන පැමිණෙද්දි මරණකරුට අසනීප තත්ත්වයක් ඇතිව තිබේ.
කිසිවෙකු ඔහුට අසුන් ගැනිමට අසුනක් ලබා නොදුන් නිසා බස් රථයේ පිටුපස පාපුවරුවේ අසුන්ගෙන ඉතා අපහසුවෙන්අනුරාධපුර නගරයට පැමිණි බව බිරිද පැවසිය.