භාරතීය දේශපාලන සන්දර්භය තුළ ප්‍රබල භූමිකාවක් නියෝජනය කළ මහ ඇමතිනී ජයලලිතා ජයරාම්ගේ අභාවය පිළිබඳව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සාතිශය සංවේගය පළ කර තිබේ.
දේශපාලන නායිකාවක ලෙස ඇය සමස්ත තමිල්නාඩු ප්‍රාන්තය තුළත්, ඉන්දීය දේශපාලන ධාරව තුළත් පෙරළිකාර චරිතයක් වූ අතර, දක්ෂිණ භාරතීය දේශපාලන කරළියේ අසහාය නායිකාවක වූ බවද ජනපති සිහිපත් කරයි.
තමිල්නාඩු දේශපාලන සංස්කෘතිය සතු සුවිශේෂී ලක්ෂණයක් වන පුද්ගලානුබද්ධ ජනප්‍රියත්වය මියෙන තුරු ඉහළ තලයක රඳවා ගැනීමට සමත්වීම තුළින් ඇය කැපී පෙනෙන නායිකාවක ලෙසින් පිළිගැනෙන බවද ජනාධිපතිවරයා නිකුත් කළ ශෝක පණිවුඩයේ දැක්වෙයි.
එමෙන්ම, ඇයගේ දේශපාලන ක්‍රියාදාමය තේරුම්ගත යුතු වන්නෙ දේශපාලනය විෂයයෙහි දේශපාලඥයා තම බලය පිළිබඳ දක්වන අභිලාෂයන් එකිනෙකාට අනන්‍ය වූවක් ලෙසින් බවද එම පණිවඩුයේ වැඩිදුරටත් දැක්වෙයි.