දෙමළ ජනාතාව වෙනුවෙන් ශ්‍රී ලංකාවේ වෙනමම රාජ්‍යයක් ඇති කිරිම සඳහා අඛණ්ඩවම තමන් පියවර ගන්නා බව තමිල්නාඩු මහ ඇමතිනී ජයලලිතා ජයරාම් මහත්මිය සඳහන් කරයි.
එසේම තමිල්නාඩුවේ ජීවත්වන ශ්‍රී ලංකා දමළ සරණාගතයින් වෙනුවෙන් ද්විත්ව පුරවැසිභාවය ලබාදිම සඳහා මධ්‍යම ආණ්ඩුවෙන් අවසරය ඉල්ලා සිටින බවත් ඇය සඳහන් කළාය.
තමිල්නාඩු මැතිවරණය වෙනුවෙන් තිරුචිහි පැවැති රැළියක් අමතමින් ඇය ඉහත අදහස් ඊයේ (23දා) දක්වා ඇති බව ඉන්දීය මාධ්‍ය අද (24දා) වාර්තා කළේය. සේම ශ්‍රී ලංකාවේ සිදුවූ බව කියන යුද අපරාධ සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් තමන් තවදුරටත් ඉල්ලා සිටින බවත් ඇය පැවැසුවාය.