ජයලලිතා - ආනෝල්ඩ් රහස් සාකච්ඡාවක්
හොලිවුඩයේ සුපිරි නළුවෙකු මෙන්ම, ඇමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ හිටපු ආණ්ඩුකාරවරයාද වන ආර්නෝල්ඩ් ස්වසනේගර් චෙන්නායි නුවරදී තමිල්නාඩු මහ ඇමතිනී ජයලලිතා ජයරාම් හමුවී රහස් සාකච්ඡා පවත්වා ඇති බව වාර්තා වෙයි.
ඉන්දීය දමිළ චිත්‍රපටයක ගී තැටියක් නිකුත් කිරීම වෙනුවෙන් ඔහු වෙත කෙරුණු විශේෂ ආරාධනයකට අනුව තමිල්නාඩුවට පැමිණ සිටි ස්වසනේගර් තමන් ජයලලිතා ගැන අසා ඇති බවත්, ඇය මුණ ගැසීමට අවශ්‍ය බවත් තම නියෝජිත පිරිසට දක්වා තිබී ඇති බවද කියැවෙයි.
ඒ අනුව, මහ ඇමතිනියගේ කාර්යාලයේදී මෙම හමුව සිදුව ඇති අතර, පැය භාගයකට ආසන්න කාලයක් ඔවුන් දෙදෙනා අතර සාකච්ඡාව පැවැත්වී තිබේ.
එහිදී, ඡායාරූප ශිල්පීන්ගේ ඉල්ලීමට කන්දෙමින් ඡායාරූප ගැනීමට අවස්ථාව ලබාදුන්නත් ඔහු වාර්තාකරුවන් අමතා නැති අතර, මෙම සාකච්ඡාවේ තොරතුරුද මාධ්‍යයන්ට අනාවරණය නොකිරීමට ඔවුන් වගබලාගත් බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

