පොලොන්නරුව මැදිරිගිරිය ප්රදේශයේ වෙල් යායකදී ඊයේ (12 දා) රාත්රියේදී පුද්ගලයින් දෙදෙනෙකු ඝාතනය කොට ඇතැයි පොලීසීය කියයි.
පතොක් වැව මීගස් වැව ප්රදේශයේ පදිංචි ශාන්ත පිරිස් (46) නමැති අය සහ ජයගම්පුර මහා අබගස් වැව ප්රදේශයේ පදිංචි ඩි.එම් සමන්ත කුමාර (30) යන අය මෙසේ ඝාතනයට ලක්ව ඇති බව මැදිරිගිරිය පොලීසීය සදහන් කරයි.
කුඹුරු වලට ජලය බෙදා ගැනීමට යාමේදී ඇති වූ ආරවුලක් දුර දිග යාම හේතුවෙන් මෙම ඝාතනය සිදුව ඇතැයි පරීක්ෂණ සිදු කරන පොලිසීය සදහන් කරයි. සිද්ධිය සම්බන්ධයෙන් එක් පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන ඇති අතර තවත් සැකකරුවන් සොයා පොලිස් පරීක්ෂණ ආරම්භ කොට ඇත.